
අද
දවස ඔබට
2018 නොවැම්බර් මස 30 වන සිකුරාදා
ඉර උදාව - පෙරවරු
06.06 ට
ඉර බැසීම - පස්වරු 17.51
රාහු කාලය
දිවා 10.36 සිට 12.05 දක්වා
රාත්‍රී 22.36 සිට 00.05 දක්වා
සුභ දිශාව -
උතුර
මරු සිටින දිශාව - ගිණිකොන
මේෂ
බුද්ධිය මෙහෙයවා කටයුතු කළ හැකි සාර්ථක දිනයකි. තම ආකල්ප ඉදිරිපත්
කිරීමෙන් සමාජයේ කැපී පෙනීමේ ප්‍රවණතාවක් ඇති වේ. මිත්‍රයන්ගෙන් ලැබෙන ලාභ ප්‍රයෝජන
අධික දවසකි. අධ්‍යාපනයේ දී අවැසි පහසුකම් පහසුවෙන් ලබාගත හැකිය. පියපස ඥාතීන්ගේ
පැමිණීමක් ද අපේක්ෂා කළ හැකිය. මවුපියන් පිළිබඳ අසතුටුදායක ආරංචියක් අසන්නට ඉඩකඩ
ඇති දිනයකි. යාන වාහන ඉඩකඩම් මිල දී ගැනීමට සිත යොමු වුවත් ඒ සඳහා එතරම් සුදුසු
දිනයක් නොවනු ඇත. කුසල් වැඩීමට සිත යොමු කිරීම වඩාත් යහපත්ය. ජය වර්ණය - රතු, ජය
අංකය -
09, නෙළුම්
මලක් පූජා කරන්න.
වෘෂභ
පරිභෝජන රටාව ඉහළ යයි. මානසික තත්ත්වය උසස් වී සිතේ ඇති කරන
නොසන්සුන්තාව අඩු කරයි. ගුප්ත ශාස්ත්‍රය වැනි ශාස්ත්‍ර ඉගෙනීමේ කටයුතුවලට සිත යොමු
කරයි. අසනීපවලින් ඉක්මනින් සුවය ලැබීමේ භාග්‍යය උදා කරයි. සතුරු උවදුරුවලින් තොර
දිනයකි. විදේශගත අයගෙන් සම්පත් ලැබීමේ ප්‍රවණතාවයක් ද ඇති කරයි. පුණ්‍ය කටයුතු
කෙරෙහි සිත ඇලී යන බවක් පෙන්නුම් කරයි. ආදායම් තත්ත්වය ඉහළ යන බැවින් ව්‍යාපාර
කටයුතු සඳහා උනන්දුව වෙනදාට වඩා ඉහළ යයි. ජය වර්ණය - නිල්, ජය අංකය
- 05, ඊශ්වර
දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
ලොතරැයි ආදියෙන් ලැබෙන ධනයකට හිමිකම් කියන දිනයකි. ආදායම් මාර්ග වැඩි
දියුණු වී මිල දී ගැනීමේ හැකියාව ඉහළ යයි. කල්ගත වූ අසනීප තත්ත්වයකින් මිදීමේ
හැකියාව උදා කරන දිනයකි. වන්දනා ගමනකට
කටයුතු යෙදේ. ඥාති සහෝදරයකුගේ කටයුත්තකට සහභාගි වීමට අවස්ථාවක් උදා වේ. නඩුහබවලට
පැටලී සිටින අයට අවාසිදායක තත්ත්වයක් උදා කිරීමට කටයුතු යෙදේ. ලෞකික සැප පිණිස ලොල්වීම
වෙනදාට වඩා සිදුවනු ඇත. අද දින රස කැවිලි දන් දෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය -
05
කටක
ගෞරව සම්මානවලට පාත්‍ර වීම තුළින් සුප්‍රසිද්ධියට පත්වන දිනයකි. ලෞකික
කටයුතුවලට වඩාත් සිත යොමු වන බැවින් වියදම් අධික දවසකි. පෞද්ගලික සතුරන් සහ
විරුද්ධවාදීන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති වෙයි. චෙක්පත් සහ ගිවිසුම් අත්සන් කිරීමේ
දී වඩාත් ප්‍රවේශම් විය යුතු සහ බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. සහෝදරයන් සමඟ ඇතිවන
මතභේද සහ ගැටලු උත්සන්න විය හැකිය. උදරාබාධ සහ කුඩා බඩවැලේ හට ගන්නා තුවාල (ගැස්ට්‍රයිරීස්)
වැනි රෝග කෙරෙහි වඩාත් අවධානය යොමුකළ යුතු වේ. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02, විළඳ පූජා කරන්න.
සිංහ
ආගමට දහමට ළැදිවීම තුළින් සිතෙහි මෙතෙක් පැවති ව්‍යාකූල තත්ත්වයන්
සමනය කරගත හැකිය. උසස් අධ්‍යාපනයෙන් ජය ලැබීමේ මහඟු අවස්ථාවක් නිර්මාණය වේ. ණය
ගැතියන්ගෙන් මෙතෙක් නොලැබුණු ණය මුදලක් ලබා ගැනීමේ භාග්‍ය උදා වේ. රත්රන් වැනි මිල
අධික ආභරණ මිල දී ගැනීමේ දී වංචනිකයන්ට අසුවීමේ අවස්ථා සුලබ වේ. මංගල කටයුත්තකට
බාධා පැමිණේ. සමීපස්ථ ඥාතියකුගේ උත්සව අවස්ථාවකට සහභාගී වීමට කටයුතු යෙදේ. කෙටි
ගමන් යෙදේ. ජය වර්ණය - රතු, ජය අංක - 01, නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
මුත්‍රා අමාරු සහ ඒ ආශ්‍රිත ආබාධ සුව අතට හැරේ. අවාසනාවන්ත
සිදුවීම්වලින් මඟ හැරීමට අවස්ථා උදා වේ. ආර්ථික අපහසුතා මඟ හැරී ආදායම් තත්ත්වය
සුබදායක වේ. රැකියාවලට බාධා මතු වේ. එම කටයුතුවල දී නීතිමය ගැටලු මතුවීමට ඉඩ ඇත.
පියාගේ ධනයට මෙතෙක් නොවිසඳුණු ගැටලු නිරාකරණය වේ. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත්
වේ. ගෘහ නිර්මාණ ශිල්පයේ නිරත වූවන්ට වඩාත් වාසි සැලසේ. දූ දරුවන්ගේ අධ්‍යාපන
කටයුතුවල අඩාල වීමක් සිදු වේ. ජය වර්ණය - කොළ, ජය අංකය -05, ගිතෙල් මිශ්‍ර පහනක්
දල්වන්න.
තුලා
අවිවාහකයන්ට මංගල යෝජනා ඉදිරිපත් වේ. නඩුහබවලට පැටලී ඇති අයට සහන
සැලසේ. මවගේ දේපළ ලැබීමේ භාග්‍ය උදා වේ. සංගීතය කෙරෙහි වෙනදාට වඩා ළැදි බවක් ඇති
වේ. බුද්ධිමත් බවින් තොරව වැඩ කිරීමෙන් පාඩු සිදු වේ. තම රෝග පිළිබඳ වඩාත් උනන්දු
විය යුතුය. වන්දනා ගමනකට කටයුතු යෙදේ. නව රැකියා අවස්ථා ජනිත වේ. රැකියාවල්වල නිරත
අයට උසස්වීම් ලැබේ. භාරගෙන අතපසු වූ දෙයක් සාර්ථකව නිම කිරීමට හැකි වේ. ජය වර්ණය -
නිල්, ජය අංකය
- 06, ඊශ්වර
දෙවිඳුට සෙත් පතන්න.
වෘශ්චික
විරුද්ධ මත දරන අය තම මතයට එකඟ කරවා ගැනීමට හැකිය. උදරයෙහි හට ගන්නා
රෝග ඇති වේ. වෙනදාට වඩා සටන්කාමී බවක් ඇති වේ. ආර්ථික ගැටලු විසඳා ගැනීමට වාසනාව
යෙදේ. කාලත්‍රයාගේ වියදම් වැඩි දිනයකි. පිය උරුමයේ දේපළ පිළිබඳව සතුටුදායක
ආරංචියක් ලැබේ. ඥාති පුද්ගලයකු පිළිබඳ අසුබ ආරංචියක් අසන්නට සිදු වේ. ආදර සබඳතා
ඇතිවන අතර ඒ සඳහා වැඩිහිටියන්ගේ ආශිර්වාදය ද ලැබේ. මතක ශක්තිය වර්ධනය වේ. ජය වර්ණය
- රතු, ජය අංකය
-09, නෙළුම්
මලක් පූජා කරන්න.
ධනු
දූ දරුවන් සම්බන්ධයෙන් සතුටුදායක ආරංචියක් ලැබෙන දවසකි. ආදායම්
තත්ත්වයේ අඩු වීමක් දක්නට ලැබේ. ව්‍යාපාරික කටයුතුවල මතභේදකාරී තත්ත්වයක් ද ඇති
විය හැකිය. ප්‍රේම සබඳතාවලට සුභ දිනයකි. සිතේ ස්ථාවර බව දැඩි වේ. අන් අයගේ ආකර්ෂණය
ළඟා කරගත හැකිවනු ඇත. නිලතල, තනතුරු උසස් වීමක් දක්නට ලැබේ. පවුලේ සාමාජිකයින් පිළිබඳව වෙනදාට වඩා
අවබෝධයකින් තීරණ ගනී. විවාහ අපේක්ෂකයන්ට සුබදායී ආරංචි ලැබෙනු ඇත. ජය වර්ණය -
රන්වන්, ජය අංකය
- 03, ගුරු
දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
උද්යෝගයෙන් වැඩ කළ හැකි අවස්ථා හිමි වේ. තම මව පිළිබඳ සොයා බැලීමට
හැකි දිනයකි. කෙත්වතුවලින් ලැබෙන ධනයේ වර්ධනයක් ඇති වේ. සුවඳ විලවුන්, අලුත් ඇඳුම් කෙරෙහි සිත යොමු වන දිනයකි.
නඩුහබවලින් ජය ගැනීමට හැකි වේ. ජනප්‍රියත්වය තමා පසුපස හඹා එයි. ලෙඩ රෝග
සම්බන්ධයෙන් වඩාත් උනන්දු විය යුතුය. ආදර සබඳතා ගොඩනගා ගැනීමට හැකිය. අඹුසැමි
සමඟිය කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති වේ. ආගමික කටයුතු කෙරෙහි වඩාත් උනන්දු විය යුතු
දවසකි. ජය වර්ණය - නිල්, ජය අංකය -08, විෂ්ණු දෙවිඳුට වැඳ දවස
අරඹන්න.
කුම්භ
මතක තබා ගැනීමේ ශක්තිය වැඩි කරන බැවින් ඉගෙනීමට ඇති නැඹුරුතාව වැඩි
කරයි. හැඳුනුම්කම් වර්ධනයට හේතු යෙදේ. විවිධ ක්‍රම මඟින් ධනය ලැබීමට හේතු වේ. දූ
දරුවන්ගේ සනීපය අඩාල කරන දවසකි. කෙටි ගමන් බිමන් වැඩිවන බැවින් වියදම් අධික වේ.
සේවක කාරකාදීන්ගේ හා යාන වාහන ඉඩකඩම්වල ප්‍රශ්න මතු වේ. තම මවගේ සෞඛ්‍ය
සම්බන්ධයෙන් වෙහෙසීමට සිදු වේ. නඩුහබ පිළිබඳව ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වේ. ප්‍රසිද්ධියට
හේතුවන කරුණු ඇති වේ. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
බැංකුවේ තැන්පත් ධනය වර්ධනයට හේතු කරුණු යෙදේ. දිගු කලක් සුව නොවූ
රෝගයන් සුව වීමේ ප්‍රවණතාවක් ඇතිවන දිනයකි. අසල්වැසියන් සමඟ මිත්‍රශීලීව කටයුතු කළ
හැකි අවස්ථාවන් උදා වේ. නීතිමය ගැටලුවකට මැදි වූ සහෝදරයකුට සහනය පිණිස කටයුතු
යෙදේ. දූ දරුවන්ගේ නිලතල, තනතුරු උසස් වීමකට ලක් වේ. තම උරුමයෙන් ලැබෙන දේ ලබා ගැනීමට භාග්‍යය
උදා වේ. ඉගෙනීමට ඇති කැමැත්ත අඩු වීමෙන් අධ්‍යාපන කටයුතු අඩාල වේ. ජය වර්ණය
- රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස
අරඹන්න.
සතියේ ලග්න
පලාපල,lagna palapala online,lagna palapala of this week,rahu
kalaya.com,rahu kalaya today,rahu kalaya ada dawasa,rahu kalaya heta ,rahu
kalaya sri lanka,rahu kalaya.japan,rahu kalaya Colombo,lagna palapala sinhala
online,lagna palapala photos,lagna palapala news paper,lagna palapala
rivira,lagna palapala reading,lagna palapala result,ransilu lagna
palapala,lagna palapala sinhala today,lagna palapala december,lagna palapala
sathiye,lagna palapala sikuru maruwa,lagna palapala today hiru,lagna palapala
thula,lagna palapala tharunaya,lagna palapala this week sinhala,upan lagna
palapala,lagna palapala video,lagna palapala vrischika,vrishabha lagna
palapala,lagna palapala wisthara,lagna palapala wushchika,lagna palapala
website,lagna palapala web,lagna palapala youtube,lagna palapala
yesterday,lagna palapala,lagna palapala today,lagna palapala 2019,lagna
palapala sinhala,lagna palapala hiru,lagna palapala ada,lagna palapala
agosthu,lagna palapala august,lagna palapala ada dawasa hiru,lagna palapala
aluth avurudu,lagna palapala book,lagna palapala for birth time,lagna
palapala.com,lagna palapala 9lanka.com,manjula peiris lagna palapala contact
number,col3 lagna palapala,lagna palapala dawase,lagna palapala daily,lagna
palapala software download,sathiye lagna palapala derana,lagna palapala
english,lagna palapala for this week,lagna palapala hiru fm,february lagna
palapala,free lagna palapala,lagna palapala graha maruwa,lagna palapala gossip
lanka,lagna palapala guru maruwa,lagna palapala tharunaya horoscope,heta lagna
palapala,hadahana lagna palapala,lagna palapala in sinhala,lagna palapala
indika thotawaththa,lagna palapala in this week,lagna palapala in sri
lanka,lagna palapala in tamil,lagna palapala today in sinhala,lagna palapala
june,sathiye lagna palapala july,kataka lagna palapala july,lagna palapala
kumba,lagna palapala kataka,lagna palapala kanya,lagna palapala para kiyana
tharuka,lagna palapala lankadeepa,lagna palapala lottery results,lagna palapala
kumba lagnaya,sathiye lagna palapala lankadeepa,lagna palapala kataka
lagnaya,lagna palapala makara,lagna palapala mesha,lagna palapala mithuna,lagna
palapala meena,lagna palapala me sathiye,lagna palapala newspaper,lagna
palapala next week,lagna palapala new year,lagna palapala nishantha
perera,lagna palapala new,lagna palapala november sinhala,lagna palapala 2019
news paper,Dawase lagna palapala,weekly lagna palapala,2019 වසරේ ලග්න පලාපල,ලග්න පලාපල අද,සිංහ ලග්න පලාපල,කටක ලග්න පලාපල,සතියේ ලග්න පලාපල,2018 ලග්න පලාපල,මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2018,අද දිනට පලාපල,ලග්න පලාපල 2018,සතියේ ලග්න පලාපල,මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2018,ලග්න 12,අද සුබ නැකැත්,2018 වසරේ ලග්න පලාපල
No comments: