Dawase lagna palapala 2018-10-28 | අද ලග්න පලාපල

අද දවස ඔබට

2018 ඔක්තෝබර් මස 28 වන ඉරිදා
ඉර උදාව   - පෙරවරු 05.57 
ඉර බැසීම  - පස්වරු 17.52
රාහු කාලය
දිවා 16.27 ට සිට 17.56 දක්වා
රාත්‍රී 04.27 සිට 05.56 දක්වා
සුභ දිශාව            - දකුණ
මරු සිටින දිශාව - උතුර
මේෂ
හදිසි ධන ලාභ පෙන්නුම් කරයි. විදේශ රැකියා සහ රජයේ රැකියා සඳහා ඉල්ලුම් කිරීමට ඉතා සුබයි. මෙම කාලය තුළ දී වැරදි තීරණ ගත හැකි නිසා තම මතයට කටයුතු කිරීම නොකළ යුතු වේ. අන්‍යයන්ගේ අදහස් පිළිබඳව විමසා තීන්දු තීරණ ගැනීමට වග බලාගත යුතුය. පෙම්වතුන් පෙම්වතියන් දුරදිග සිතා බලා බුද්ධිමත්ව කල්පනාකාරීව තීරණ ගැනීම යහපත්ය. වාත රෝග , හෘද රෝගවලින් පෙළෙන අය විශේෂයෙන් ප්‍රවේශම්විය යුතු වේ. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
සමාජ කටයුතුවලින් හා මිත්‍රයන්ගෙන් ඉතා හොඳ දියුණුවක් ලැබීමට හේතු වේ. අද දිනයේ දී පහසුවෙන් නව මිත්‍රයන් හඳුනා ගැනීමට සහ මිත්‍ර සබඳතා පවත්වා ගෙන යෑමේ හැකියාවක් පවතී. ආගමික කටයුතු කෙරෙහි සිත යොමු වේ. ආගම ධර්මය වැනි විෂයයන් ඉගැන්වීම සහ කටයුතු කිරීමට ඉතා යහපත් වේ. හිසේ ආබාධ සෑදීමට ඉඩකඩ ඇත. වදන් පරිහරණයේ දී ප්‍රවේසම්විය යුතු වේ. කරන කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අඩු වේ. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
ශරීරයේ ලේ දෝෂ වීමෙන් අසනීප හා සමේ රෝග සෑදේ. සීමාව ඉක්මවා තමන්ගේ බලය පෙන්වීමට නොයන්න. අන්‍යයන්ගෙන් ප්‍රවේශම් වී තම කටයුතු සිදු කිරීමට උත්සාහ ගනී. ඒ නිසාම අද දිනයේ සතුරන් නොමැත. ආර්ථිකය ජයගෙන ඉදිරි අනාගත කටයුතු සාර්ථක කර ගැනීමට හැකිය. උසස් පුද්ගලයන් ඇසුරු කිරීමට ලැබේ. තිබූ අසමඟිකම් අඩු වී සහෝදර සබඳතා පවත්වා ගනී. යුග දිවි සබඳතා මඳක් ගැටලු ඇතිකර විය හැකිය. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
කරදර බාධා අඩු වී පෙර පැවති තත්ත්වයට වඩා කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදාකර ගනී. අධ්‍යාපන කටයුතුවල යම් සාර්ථකත්වයක් ලැබෙන නමුත් බාධා අවහිරතාවන්ට ඉඩ ඇත. උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැකිය. වෙනත් අයකුට කිරීමට තරමක් අසීරු වැඩ කටයුතු පවා සිදු කිරීමට සිත පෙළඹේ. වේගවත්ව ඉදිරියට යන ගතියක් ඇති බැවින් නායකයෙක් ලෙස කටයුතු කළ හැකිය. පිරිසකගේ ප්‍රශංසාවට හේතු වේ. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.
සිංහ
තම පදිංචි නිවස මාරු කර වෙනත් ප්‍රදේශවල පදිංචියට යෑමට සිත් දෙයි. හදිසි කෙටි ගමන් ඇති වේ. සතුරන් ද ඇති කරවා නඩු හබවලට පැටලීමට සිදුවිය හැකි බැවින් පුද්ගලයන් සමඟ ගනුදෙනු කිරීමේ දී වඩා ප්‍රවේශම්කාරී වන්න. විදේශ ගමන් බිමන්වල යෙදීමට ශුභය. නව රැකියා අවස්ථාවන් ද හිමි වනු ඇත. ප්‍රේම සබඳතා ඇතිවිය හැකිය. එමෙන්ම ප්‍රේමය සම්බන්ධ කරුණුවලින් සිත් පීඩා ඇති කර ගැනීම්වලට හේතු වේ. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති කරයි. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
ඔබ අද දිනයේ මහජනයා අතර කතාබහට ලක් වේ. ප්‍රසිද්ධියට පත් වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමු වීම තුළ අතිරේක වාසි ගෙන දෙයි. අනපේක්ෂිත ලාභ ප්‍රයෝජන අත්පත් වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභය. ආගම දහම කෙරෙහි සිත් යොමු කරයි. සාමාන්‍යයෙන් දියුණුවට ඉතා සුබදායකයි. බොහෝදෙනා සමඟ සමඟියෙන්, සහයෝගයෙන් තම කටයුතු කිරීමට හැකි වේ. පියාට තරමක අපල පීඩා ගෙන දීමට ඉඩ තිබේ. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
තුලා
යුග දිවි සබඳතා යහපත් අන්දමට පවත්වාගෙන යෑමට හැකිය. සමඟිය සමාදානය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු යහපත් වේ. සහකරු සහකාරිය සමඟ සුහදත්වය වර්ධනය වේ. මවට හෝ මවු පාර්ශවයේ ඥාතියකුට තදබල අසනීප සෑදීමට ඉඩ තිබේ. මුඛය ආශ්‍රිත ආබාධ, දත්වල අමාරු ගතියක් ඇති වේ. විරුද්ධවාදීන්ට මුහුණ දී කටයුතු කිරීමට සිදු වේ. හදිසි ගමන් බිමන් යෙදේ. රැකියා කරන ස්ථානවල දී වංචාකාර දේ සිදුවිය හැකිය. කල්පනාකාරී වන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න. 

වෘශ්චික
අද දිනය නීතිඥ වෘත්තිය, ඉංජිනේරුවරුන්, වෙළෙඳ ව්‍යාපාරිකයන්, බ්‍රෝකර්වරු ආදී ක්ෂේත්‍රවල නිරත පුද්ගලයන්ට ඉතා යහපත්ය. කුමන හේතුවක් නිසා හෝ වියදම් ඉහළ යයි. සමාජ කටයුතුවලට යහපත්ය. ප්‍රසිද්ධත්වයට පත් වේ. තම හැකියාවන් සමාජයේ යහපත පිණිස ආයෝජනය කරයි. අන්‍යයන්ට උදවු උපකාර කිරීමට සිත පෙළඹේ. පෙනහැලිවල හෝ පපුවේ අමාරු ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව ප්‍රවේශම්කාරී වන්න. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
ලෞකික මෙන්ම ලෝකෝත්තර දියුණුව පිළිබඳව සිතා කටයුතු කරයි. ශරීර ශක්තිය අතින් ඉතා යහපත් වේ. උගුරේ හෝ බෙල්ලේ අමාරු සෑදීමට ඉඩකඩ පවතී. ඉතා යහපත් නව මිත්‍ර සබඳතා ඇති වේ. එමෙන්ම ණය ගනුදෙනුවල දී තරමක් දුරට කල්පනාකාරී ලෙස කටයුතු කිරීම වැදගත් වේ. මුහුණේ ලප ආදිය ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව ප්‍රවේශම්කාරී වීම වැදගත්ය. ක්‍රීඩා කටයුතුවලට ඉතා යහපත්ය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේ. නව ආදායම් මාර්ග සැලසේ. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර
පදිංචි ස්ථානවල නව වෙනස්කම් සිදු කිරීමට සිදු වේ. පපුවේ සෙම, ඇදුම ආදී අසනීප සෑදීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව ප්‍රවේශම්වන්න. ඉඩකඩම්වලින් ආදායම් ලැබිය හැකිය. පාද ආශ්‍රිත ආබාධ, මුත්‍රා අමාරු ඇති වීමට හේතු වේ. උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට ඉතා යහපත්ය. නඩු හබවලට පැටලීමට සිදුවිය හැකිය. උසස් බලවත් අයගෙන් ආධාර, උපකාර ලැබීමට හේතුයි. මිනිරන්, මැණික් වැනි පොළොව සම්බන්ධ කටයුතුවලින් වාසි අත්වේ. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
නිතර අදහස් සිතුවිලි වෙනස්වන ගතියක් ඇතිවේ. සිතේ නොසන්සුන් භාවයක් හටගනී. දේපළ ඉඩකඩම් ලැබීමේ හිමිකමක් පවතී. සමීපතමයකුට උදවු උපකාර කිරීමට සිදු වේ. අලුත් සමාජීය හමුවීමක් ලැබෙයි. එයින් නව මිත්‍ර සබඳතා ගොඩනැඟේ. පොත්පත් ලේඛන ආදී ක්ෂේත්‍රවල කටයුතු කරන්නන්ට ඉතා යහපත්ය. මුඛය ආශ්‍රිත රෝග හෝ දන්තාබාධ ඇතිවීමේ ඉඩකඩ පවතී. අන්‍යයන්ගේ ආරවුල්වලට මැදිහත්වීමට සිදුවේ. කල්පනාකාරී වන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
අද දිනයේ ආර්ථික වශයෙන් කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කළත් ඔබට වියදම් පක්ෂය පාලනය කර ගැනීම තරමක් අසීරු විය හැකිය. මුත්‍රා දෝෂ, ලේ දුෂ්‍යාබාධ, පිත්තාධික පීඩා, වෛරස් රෝග, උගුරේ අමාරු, සෙම් ගෙඩි සෑදීමට ඉඩ පවතී. සාමාන්‍ය පරිදි යුග දිවි කටයුතු පවත්වාගෙන යයි. රැකියා ස්ථානයේ සමඟියට බාධා එල්ල වේ. කල්පනාකාරී වන්න. පිය පාර්ශවයේ ඥාතියකු සම්බන්ධයෙන් අසුභදායී ආරංචියක් ලැබේ. අධ්‍යාපන කටයුතුවලට සුබ නැත.

සතියේ ලග්න පලාපල,lagna palapala online,lagna palapala of this week,rahu kalaya.com,rahu kalaya today,rahu kalaya ada dawasa,rahu kalaya heta ,rahu kalaya sri lanka,rahu kalaya.japan,rahu kalaya Colombo,lagna palapala sinhala online,lagna palapala photos,lagna palapala news paper,lagna palapala rivira,lagna palapala reading,lagna palapala result,ransilu lagna palapala,lagna palapala sinhala today,lagna palapala december,lagna palapala sathiye,lagna palapala sikuru maruwa,lagna palapala today hiru,lagna palapala thula,lagna palapala tharunaya,lagna palapala this week sinhala,upan lagna palapala,lagna palapala video,lagna palapala vrischika,vrishabha lagna palapala,lagna palapala wisthara,lagna palapala wushchika,lagna palapala website,lagna palapala web,lagna palapala youtube,lagna palapala yesterday,lagna palapala,lagna palapala today,lagna palapala 2019,lagna palapala sinhala,lagna palapala hiru,lagna palapala ada,lagna palapala agosthu,lagna palapala august,lagna palapala ada dawasa hiru,lagna palapala aluth avurudu,lagna palapala book,lagna palapala for birth time,lagna palapala.com,lagna palapala 9lanka.com,manjula peiris lagna palapala contact number,col3 lagna palapala,lagna palapala dawase,lagna palapala daily,lagna palapala software download,sathiye lagna palapala derana,lagna palapala english,lagna palapala for this week,lagna palapala hiru fm,february lagna palapala,free lagna palapala,lagna palapala graha maruwa,lagna palapala gossip lanka,lagna palapala guru maruwa,lagna palapala tharunaya horoscope,heta lagna palapala,hadahana lagna palapala,lagna palapala in sinhala,lagna palapala indika thotawaththa,lagna palapala in this week,lagna palapala in sri lanka,lagna palapala in tamil,lagna palapala today in sinhala,lagna palapala june,sathiye lagna palapala july,kataka lagna palapala july,lagna palapala kumba,lagna palapala kataka,lagna palapala kanya,lagna palapala para kiyana tharuka,lagna palapala lankadeepa,lagna palapala lottery results,lagna palapala kumba lagnaya,sathiye lagna palapala lankadeepa,lagna palapala kataka lagnaya,lagna palapala makara,lagna palapala mesha,lagna palapala mithuna,lagna palapala meena,lagna palapala me sathiye,lagna palapala newspaper,lagna palapala next week,lagna palapala new year,lagna palapala nishantha perera,lagna palapala new,lagna palapala november sinhala,lagna palapala 2019 news paper,Dawase lagna palapala,weekly lagna palapala,2019 වසරේ ලග්න පලාපල,ලග්න පලාපල අද,සිංහ ලග්න පලාපල,කටක ලග්න පලාපල,සතියේ ලග්න පලාපල,2018 ලග්න පලාපල,මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2018,අද දිනට පලාපල,ලග්න පලාපල 2018,සතියේ ලග්න පලාපල,මේ සතියේ ලග්න පලාපල,සතියේ ලග්න පලාපල 2018,ලග්න 12,අද සුබ නැකැත්,2018 වසරේ ලග්න පලාපල 

No comments:

Powered by Blogger.